21 සියවසේ විෂය මාලා ප්‍රතිසංස්කරණ
ලෝකයේ සෑම රටක්ම, තාක්ෂණ දියුණුවත් සමග සිය අධ්‍යාපන පද්ධතිය අවශ්‍ය සංශෝධනයන්ට ලක් කිරීම අරඹා ඇත .4 වන කාර්කමික විප්ලවය සමග මිනිසුන්ගේ ජීවිත, වෘත්තිය ලෝකය හා සම්බන්ධ වෙමින් පවති. කිසිදා අභිමුඛව මුණ නොගැසුණ ද ගනුදෙනු කරුවන් හට සයිබර් අවකාශය හරහා තම දැනුම හා කුසලතා අලෙවි කිරීමට අවස්ථාව උදා වී ඇත. අපේ ශිෂ්‍ය පිරිසද ඒ සදහා සුදානම් කිරීමට උචිත විෂය මාලාවක් නිර්මාණ කළ යුතු බවත් දක්ෂයාට කඩිනමින් තම ඉලක්ක කරා යාමට අවශ්‍ය මාවතසකසා දියයුතු බවත් බොහෝ විද්වතුන් මෙහිදි පෙන්වා දී ඇත.
හොද සාමාන්‍ය අධ්‍යාපනයක් සදහා පාසල තුළින් සමෝධානිත පෞරුෂයෙන් යුතු පුද්ගලයන් බිහිවන ආකාරයට විෂය මාලාව සකස් කළ යුතුවේ. වනපොත් කරන්නන්ට මුල්
තැන ලැබෙන වර්තමාන ඇගයීම් ක්‍රියාවලිය තුළින්, ස්මරණ ශක්තිය මැන බැලීමට මුලිකත්වය දී ඇති බව පෙනී යන අතර අසමත් වැඩි පිරිස පිරිමි දරුවන් වීම කනගාටුදායක තත්වයකි.👉https://www.doenets.lk/statistics
21 වන ශතවර්ශය සදහා හදුන්වා දී තිබෙන අධ්‍යාපන
- නිපුණතා පාදක (competency-based) ය.
- ක්‍රියාකාරකම් අභිමුඛ (activity oriented) ය.
- ශිෂ්‍ය කේන්ද්‍රීය (student centred) ය.
- Brain based larning (බහුවිධ බුද්ධිය සංකල්පය) 👇https://www.wtc.ie/images/pdf/Multiple_Intelligence/mi10.pdf
- Blended learning (පුද්ගලයන්,පොත්පත්.අන්තර්ජාලය) 👇https://www.teachthought.com/learning/12-types-of-blended-learning/
- Authentic learning (සැබෑ අත්දැකීම්,project,resarch,inquiry base learning) 👇https://www-edglossary-org.translate.goog/authentic-learning/
ගුරු කේන්ද්‍රිය 👉👉👉 ශිෂ්‍ය කේන්ද්‍රිය
පාඩම් සැලසුම් 👉👉👉 ක්‍රියාකාරකම් සැලසුම්
අරමුණු පාදක 👉👉👉 නිපුණතා පාදක
ඇගයීම් සංස්කෘතිය 👉👉👉 තක්සේරු සංස්කෘතිය
සිසුන් යම් කාර්යක නිතර කර ඉගෙනුම් අත්දැකීම් ලබා දීම තුලින්. සිතීම සදහා සිසුන් යාෙමු කරන විට සිසුන්ගෙ චින්තන හැකියා (thinking abilities) වැඩෙන අතර කණ්ඩායම් වශයෙන් සිසුන් යොමු කරන විට ඔවුනගේ සමාජ හැකියා (social abilities) සංවර්ධනය වෙයි.
අව්‍යාජ (Authentic) ක්‍රියාකාරකම් පාදක ඉගෙනුමට ඉඩ සලසමින් විෂයමාලාව සකස් කළ යුතු අතර ඉංග්‍රිසි,තොරතුරු තාක්ෂණ දැනුමින් සිිසුන් සන්නද්ධ කළ යුතුවේ. සදාචාර අධ්‍යාපනය, විචාරවත් චින්තනය, සහයෝගීතාව, වගකීම් සහගතබව,ගැටුම් කළමණාකරන කුසලතා සිසුන් තුළ ඇතිවන අකාරයට ඉගෙනුම් අත්දැකීම් සංවිධානය කිරීමද වැදගත්ය. 👉https://moe.gov.lk/wp-content/uploads/2020/07/Education-Perspectives-2018.pdf (page no115-129)
21 සියවසට උචිත අයුරින් ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ කිරීමට බලාපොරො වන වෙනස් කම් පිළිබද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී ආචාර්ය උපාලි සේදර මහතා පුවත් පත් සාකච්ඡාවකදි පලකල අදහස් අතර
සියලු සිසුන්ට අනිවාර්ය පොදු විෂය කොටස - 50%
කුසලතා ,දක්ෂතා,ලැදියා මත තෝරාගත් කොටස -30%
ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා -20%
ලෙස පාසල් විෂය නිර්දේශ වෙනස් වන බව පෙන්වාදී ඇත. පෙළ පොත වෙනුවට ක්‍රියාකාරකම් වලට අදාල මොඩියුල් ලබාදේ. සති 10ක අවම කාලයක් මොඩියුලයකට ලැබෙන අතර ක්‍රෙඩිට් උපයා ගැනීම ද සිදුවන අතර ඇගයීම් ක්‍රියාවලියේ වෙනසක් සිදුකරන බව පෙන්වා දී ඇත.
Comments
Post a Comment